BREAKING NEWS
Search

ඉන්දියාවෙන් පැන ආ තවත් පවුලක් සොයාගනී

114

ඉන්දියාවේ සිට ධීවර යාත්‍රාවලින් මෙරටට පැමිණ යාපනයේ ගුරුනගර් ප්‍රදේශයේ නිවසක සැඟව සිටිය දී තවත් පවුලක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, ඔවුන් පසුගිය 7 වන දින මෙරටට පැමිණ ඇතැයි සැකකෙරෙන බවය.

පොලීසිය විසින් සොයාගත් පිරිස අතර 61 හැවිරිදි කාන්තාවක්, ඇයගේ 34ක් වු දියණිය සහ එම කාන්තාවගේ වයස අවුරුදු 9ක් හා 5ක් පිරිමි දරුවන් දෙදෙනෙක් වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඉන්දියාවේ රාමේෂ්වරන් හි සිට එම පිරිස ධීවර බෝට්ටුවකින් පැමිණ පසුව, ලංකාවේ ධීවර බෝට්ටුවකින් මන්නාරම ප්‍රදේශයට පැමිණ ගුරුනගර් ප්‍රදේශයට ගොස් ඇතැයි ඔවුන් පැවසු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියාසිටියේය.

පසුගිය යුද සමයේ දී ඉන්දියාවට පිටව ගිය කාන්තාවන් දෙදෙනෙකු බවට පොලීසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී තිබේ.

ඔවුන් නැවතී සිටින ගුරුනගර් ප්‍රදේශයේ නිවසට මේ වන විට පොලිස් ආරක්ෂාව යොදවා ඇති බවත් ඔවුන් එම නිවසේම නිරෝධායනයට යොමුකර ඇති බවත් පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, අද (13) දිනයේ ඔවුන්ගේ පීසීආර් පරීක්ෂණ සිදුකිරීමට නියමිත බවත් පැවසීය.

යාපනය පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වයි.

Adaderna.lk




Leave a Reply

Your email address will not be published. Required fields are marked *