පෞද්ගලික බස් සංගම් කිහිපයක් ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් මේ වන විට මගීන්ට දැඩි දුෂ්කරතා මතුව තිබේ.
අප වාර්තාකරුවන් සඳහන් කළේ, බොහෝ නගරවලින් ගමන් ආරම්භ කරන පෞද්ගලික බස්රථ සංඛ්‍යාව ඉතා අවම වී ඇති බවයි.
සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ලේකම් අජංන ප්‍රියන්ජිත් මහතා සඳහන් කළේ, අන්තර් පළාත් බස් හිමියන්ගේ සංගමය, හා පොදු ජන එක්සත් බස් හිමියන්ගේ සංගමය වැඩ වර්ජනයට එක්ව සිටින බවයි.
මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේ, තම සංගමය ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බස් ධාවනයෙන් ඉවත් වූ බවයි.
බස් වර්ජනය හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මගීන්ගේ වැඩිවීමක් ද දක්නට ලැබිණ.
Source:Newsfirst

















