BREAKING NEWS
Search

අද ලයිට් කපන්නේ පැයයි.හේතුව මෙන්න

16567

අද (05) දිනයේ විදුලි කප්පාදුව පැයකට සීමා කර ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

ඒ අනුව A සිට L දක්වා සහ P සිට W දක්වා කලාපවලට රාත්‍රී  කාලයේ පැයක් පමණක් විදුලිය  කප්පාදු කෙරෙනු ඇත.

ජල විදුලිය උත්පාදනය ඉහළ යාම හේතුවෙන් මේ පියවර ගත් බව ශ්‍රී  ලංකා මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ ය.

එහි සභාපති , ජනක රත්නායක මහතා සඳහන් කළේ, මේ දිනවල සමස්ත විදුලි ජනනයෙන් ජල විදුලිය නිෂ්පාදනය  60  % ක් දක්වා වැඩි වී ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

සභාපතිවරයා  සඳහන් කළේ ,  විදුලිය පාවිච්චිය ද අඩුවී ඇති බවයි.

පවතින තත්ත්වයත් සමග ඩීසල් හා දැවි තෙල් බලාගාර මගින් විදුලිය උත්පාදනය ඉතා අවම වී ඇති බව ද ශ්‍රී  ලංකා මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ ය.

Source:Newsfirst




Leave a Reply

Your email address will not be published. Required fields are marked *