BREAKING NEWS
Search

සති අන්තයේ විදුලි කප්පාදුව අඩු වන ලකුණු

231

අද (04) පැය 3ක විදුලි කප්පාදුවක් සිදු වන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W කලාප සඳහා දිවා කාලයේ දී පැයක් සහ මිනිත්තු 40 ක් සහ රාත්‍රියේ දී පැයක් සහ මිනිත්තු 20ක කාලයක් විදුලි සැපයුම අත්හිටවෙනු ඇති.

CC කලාප සඳහා උදෑසන 6.00 සිට 8.30 දක්වා පැය 2ක් සහ මිනිත්තු 30ක කාලයක් විදුලිය විසන්ධි වෙයි.

M, N, O, X, Y, Z කලාප සඳහා උදෑසන 5.30 සිට 8.30 දක්වා පැය 3ක් කාලයක් විදුලිය විසන්ධි වනවා.

මේ අතර එළඹෙන සති අන්තයේ දී විදුලිය කප්පාදු කෙරෙන කාල සීමාව අඩු විය හැකි බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසන් සභාව පවසනවා.

එහි සභාපති ජනක රත්නායක මහතා කියා සිටියේ, මේ වනවිට විදුලිය උත්පාදනය කෙරෙන ජලාශවල ධාරිතාව සියයට 62ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

Source:Asianmirror




Leave a Reply

Your email address will not be published. Required fields are marked *