BREAKING NEWS
Search

විවාහය ගැන නම් තවම හිතලා නැහැ. මගේ පෙම්වතිය තවම පොඩියි-අවුරුදු 14 බාල ලස්සන පොඩි කෙල්ලෙක් එක්ක යාලු වුණු ගයාන් පෙරේරා

2752

කලක් මෙරට ගීත ක්ෂේත්‍රය වෙනස්ම මානයකට රැගෙන ගිය සංගීත කණ්ඩායම් අතර ඩැඩී සංගීත කණ්ඩායමට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයක්. එහි නායකයා ගයාන් පෙරේරා.

ඔහු ප්‍රමුඛ ඩැඩී කණ්ඩායම තැනූ ගීත එකල රසිකයන් අතර ජනප්‍රිය වුණා. පසුව ක්ෂේත්‍රයෙන් ඈත්ව වසර අටක කාලයක් ඇමරිකාවේ විසූ ගයාන් පෙරේරා තම පියා වන සුනිල් පෙරේරාගේ වියෝවෙන් අනතුරුව ලංකාවට පැමිණ තියෙනවා. ඉතා සුළු කාලයකින් ගීත ක්ෂේත්‍රය තුළ නැවතත් කැපී පෙනෙන චරිතයක් බවට පත්ව ඇති ගයාන් අලුත් ගීතයක්ද නිර්මාණය කර හමාරයි.

ගයාන්ට පෙම්වතියක් ඉන්න බවට ගයාන් පසුගිය දවසක කලා පුවත්පතකට කියලා තිබුණා.. එය පහත දැක්වෙනවා.

දැන්ම විවාහ වෙන්න අදහසක් නැද්ද?

මට පෙම්වතියක් ඉන්නවා. එයා ලංකාවේ කෙනෙක්. ඇය තවම ඉගෙනගන්නවා. විවාහය ගැන නම් තවම හිතලා නැහැ. මගේ පෙම්වතිය තවම පොඩියි. ඇයට වයස 22යි. මට 36යි.

ගයාන්ගේ පෙම්වතියගේ නම සෙලීනා කුරේ. ඇය නිරූපිකාවක් ලෙස කටයුතු කරන අතර පෞද්ගලික ආයතනයකත් සේවය කරනවාලු… කොහොම වුණත් ඔවුන් දෙපළ ආදරයෙන් ඉන්න බව නම් පේනවා.

Source:සාරවිට




Leave a Reply

Your email address will not be published. Required fields are marked *