BREAKING NEWS
Search

යාලේ මැද පරණ තොටුපොළ අරී

154

රුහුණු යාල ජාතික වනෝද්‍යානයේ වන ජීවීන් නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට නවාතැන් ගැනීමේ පහසුකම් සලසමින් පරණ තොටුපොල නිවාඩු නිකේතනය වනජීවී හා වන සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් විවෘත කෙරිණි.

වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ මීට වැය කර ඇති මුදල රුපියල් මිලියන 100කි.

රාත්‍රී කාලයේ ඒ අවට සැරිසරණ වනසතුන් පවා නැරඹීමට හැකි නැරඹුම් මැදිරි පහසුකම් ද මෙහි ස්ථාපිත කර තිබෙන බව අමාත්‍යාංශය පවසයි.

පරණ තොටුපොළ සංචාරක නිකේතනය විවෘත කරමින් අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීවෙි රටෙි ඩොලර් අර්බුදයක් පවතින බැවින් විදේශීය සංචාරකයින් නිවාඩු නිකේතන වෙන් කරන විට ඩොලර් වලින් මුදල් අය කිරීම සඳහා උපදෙස් දුන් බවයි. එමෙන්ම යාල වනෝද්‍යානයේ වාහන පහසුකම් සපයන සෆාරි රියදුරන් දැනට මුහුණ දී සිටින ඉන්ධන සපයා ගැනීමේ ගැටලුවට වහාම විසඳුම් ලබා දීමටද අමාත්‍යවරයා එකඟත්වය පළ කළේය. ඒ අනුව ඔවුන්ට අවශ්‍ය ඉන්ධන කතරගම ලංගම ඩිපෝව මඟින් සැළසීමට ප්‍රවාහන අමාත්‍යවරයා සමග සාකච්ඡා කරන බවද මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

Source:Lankadeepa




Leave a Reply

Your email address will not be published. Required fields are marked *