BREAKING NEWS
Search

කොහොමහරි අමාරුවෙන් හොයාගෙන ගෙදරට ගියාට මම ගේ ඇතුළට ගිහින් තියෙන්නේ ජනේලෙන්-විශ්ව කාගේ ගෙදරටද ජනේලෙන් ගියේ ?

192

විශ්ව කොඩිකාර කියන්නේ ලැබෙන ඕනෑම අභියෝගාත්මක චරිතයක් වුණත් බාරගෙන එයට තමන්ගේ උපරිමය ලබා දෙන දක්ෂ කඩවසම් රංගන ශිල්පියෙක්.

විශ්ව කියන්නේ මේ වනවිට ආදරණීය දරුවන් දෙදෙනෙකුගේ පියෙක්. සොඳුරු පවුලකට උරුමකම් කියන විශ්වගේ සහ එරන්දිගේ ආදරණීය ජීවිතයට මේ වනවිට වසර නවයක්. ඉතින් ඒ ආදරය ආරම්භ කරපු ආකාරය ගැන විශ්ව මාධ්‍ය වෙත අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

”එරන්දි නිවාඩුවට ලංකාවට ඇවිත් හිටියේ ඒ කාලේ. ඊට පස්සේ එයාලගේ ගෙදරින් කැමැත්ත ගන්න මම එයාලගේ ගෙදර ගියා. බොහොම අමාරුවෙන් පාර හොයාගෙන ගියේ. කීප සැරයක්ම පාර වැරදුණා. අවසාන පාර මම හිතුවේ මේ පාර වැරදුනොත්නම් ආයේ කෙලින්ම හැරිල යනවා කියලා.

කොහොමහරි අමාරුවෙන් හොයාගෙන ගෙදරට ගියාම බයට මම ගේ ඇතුළට ගිහින් තියෙන්නේ ජනේලෙන්. එරන්දිගේ තාත්තා කියනවා එන්න පුතා ගෙට කියලා. මම හරි හරි තාත්තේ ඇවිත් ඉන්නෙ කිව්වා.”

ඉතින් ප්‍රේක්ෂකයන් සිනා සාගරයේ ගිල්වන විශ්ව කොඩිකාර නම් මේ සොඳුරු රංගන ශිල්පියා ඔහුගේ ආදරය පටන් ගත් ආකාරය ගැන අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

Source:Saaravita




Leave a Reply

Your email address will not be published. Required fields are marked *