BREAKING NEWS
Search

පොදු රඳ මඩුලු ක්‍රීඩා උලෙළේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

199

මෙවර පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළලේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම දිනා ගැනීමට බර ඉසිලීමේ ක්‍රීඩක දිලංක ඉසුරු කුමාර අද (30) සමත් විය.

දිලංක ඉසුරු කුමාර කිලෝග්‍රෑම් 55 බර පන්තියෙන් තරග වැදුණු අතර ඔහු එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තේ ය.

එහිදී ඔහු ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 105 ක බරක් එස වූ අතර ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 120 බරක් ඔසවනු ලැබුවේ ය.

ඔහු එස වූ මුළු බර කිලෝග්‍රෑම් 225 කි.

මෙම ඉසව්වේ රන් පදක්කම නව තරග වාර්තාවක් ද බිහිකළ මලයාසියානු ක්‍රීඩක මොහොමඩ් අනීක් දිනාගත් අතර රිදී පදක්කම ඉන්දියාවේ සන්කේත් මහදේව්ට හිමි විය.

බර ඉසිලීමේ ක්‍රීඩක දිලංක ඉසුරු කුමාර,

මට රට වෙනුවෙන් පදක්කමක් ගැනීම සම්බන්ධයෙන් ගොඩක් සතුටුයි. ඒවගේම තමයි මේ තරගාවලියට මට සෑහෙන පිරිසක් උදව් කළා. නම් වශයෙන් මේ වෙලාවේ මතක් කළ නොහැකි වුණත් ඒ හැමෝටම ස්තූති කරන්න මේ අවස්ථාව අවස්ථාවක් කර ගන්නවා. ඒ සියලු දෙනාටම ස්තූතියි.

Source: newsfirst




Leave a Reply

Your email address will not be published. Required fields are marked *