ලබන සතිය තුල රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් පැවැත්විය යුතු ආකාරය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දීමක් සිදුකළා.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ ප්‍රවාහන අපහසුතා නොමැති පාසල්වල විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ එකඟතාව මෙන්ම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂගේ අනුමැතිය මත සතියේ දින පහම පාසල් පැවැත්විය හැකි බවයි.
මෙහිදී පාසල් තුල පවතින තත්ත්වයන් සලකා සෑම ගුරුවරයෙකුටම අවම වශයෙන් දින 3 ක් පාසලට පැමිණ ඉගැන්වීමේ කටයුතු සිදුකිරීමට හැකිවන ලෙස නම්‍යශීලි කාල සටහනක් සකස් කළ හැකි බව ද අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙනවා.
ඒ අනුව, පසුගිය සතිය තුල පැවැත්වූ ආකාරයටම සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පාසල් පැවැත්විය යුතුයි.
පළාත් ප්‍රවාහන අධිකාරිය පාසල් සේවය සඳහා වෙන් වූ පෞද්ගලික බස් රථ පාසල් සිසුන් ප්‍රවාහනය සඳහා යෙදෙවෙන අතර සාමාන්‍ය බස් ගාස්තුව ගෙවා ගුරුවරුන්ට හා සිසුන්ට එමගින් ප්‍රවාහන පහසුකම් සලසා ගත හැකි බව ද අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
මේ අතර, 2023 වසර සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනිමේ අයදුම්පත් කැඳවීමේ කාලය ලබන 15 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ දෙමාපියන්ගෙන් ලැබුණු ඉල්ලීම් සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළඹි බවයි.
Source:Hirunews




















