BREAKING NEWS
Search

නව මාවතක ගමන් කිරීමට සූදානම් – ජනපති මහනාහිමිවරුන් හමුවේ කියයි

1679

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

සියලු දේශපාලන පක්ෂ එක් කර ගනිමින් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා රට මුහුණපා ඇති සමාජ, ආර්ථික හා දේශපාලන අභියෝග ජය ගැනීම සඳහා නව මාවතක ගමන් කිරීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

ඒ, අද මහනුවරට පැමිණි ජනාධිපතිවරයා මල්වතු මහනාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැදැක ආශීර්වාද ලබාගත් අවස්ථාවේදීයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ධූරයට පත්වීමෙන් අනතුරුව අද පෙරවරුවේ දළඳා සමිඳුන් වැඳපුදාගෙන ආශීර්වාද ලබාගත්තා.

ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා දළඳා මාලිගාවේ විශේෂ අමුත්තන් වෙනුවෙන් වෙන් කර ඇති කුටිය වෙත ගොස් සමරු සටහන් පොතේ සමරු සටහනක්ද තැබුවා.

ඉන් අනතුරුවයි, ජනාධිපතිවරයා මල්වතු මහා විහාරයීය උපෝසතාගාරයට පැමිණ මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැදැක ආශීර්වාද ලබාගත්තේ.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ තමන් ක්‍රියා කරන්නේ රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට බවයි.

අනතුරුව ජනාධිපතිවරයා අස්ගිරි මහා විහාරයීය මංගල උපෝසතාගාරය වෙත පැමිණ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැදැක ආශීර්වාද ලබාගෙන තිබුණා.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *