BREAKING NEWS
Search

අගෝස්තු 01 සිට ඉන්ධන නිකුත් කිරීම කිව්. ආර් කේතයට පමණයි

216

වාහන අංක තහඩුවේ අවසන් අංකය 0, 1 සහ 2 සඳහා ඉන්ධන නිකුත් කිරීම අද (30) දිනයේ සිදු වනවා.

මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අගෝස්තු පළවනදා සිට ක්‍රියාත්මක වන පරිදි කිව්. ආර්. කේතයට ඉන්ධන නිකුත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

කිව්. ආර්. කේතය සඳහා මෙතෙක් ලියාපදිංචි වී නොමැති නම් එය කඩිනමින් සිදු කරන ලෙසයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉල්ලා සිටින්නේ.

අදාළ කේතයට අනුගත නොවන සහ එය කඩාකප්පල් කිරීමට කටයුතු කරන පුද්ගලයින්ට විරුද්ධව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ඊයේ පස්වරුව වනවිට දිවයින පුරා පිරවුම්හල් 931 ක් කිව්.ආර්. කේත භාවිතයෙන් ඉන්ධන ලබා ගැනීමට ලියාපදිංචි වී තිබුණා.

ඒ අනුව මිලියන 4.6 ක රථවාහන ප්‍රමාණයක් මේ වනවිට ඒ සඳහා ලියාපදිංචි වී ඇති බව සඳහන්.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *