රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
බොහෝ දෙනකුගේ කතාබහට ලක් වුණ චරිතයක් තමයි ජෙහාන් ශ්‍රීකාන්ත අප්පුහාමි. ජීවන අරගලයට මූලික වන කලාකටයුතු දෙවැනි තැන තබා ජන අරගලයට මුල් තැන දෙන ජෙහාන් මේ විදියට සති අන්ත පුවත්පතකට සොඳුරු සංවදයක් සඳහා එකතුවෙලා තිබුණා…
ජෙහාන්.. කොහොමද රංගන කටයුතු?
රටක් අවුල් වෙලා තියෙන මොහොතක කලා කටයුතුවල යෙදෙන්න කිසිම මූඩ් එකක් නැහැ. එහෙම මූඩ් එකක් නැතුව වැඩක් කරන්න බැහැ. අඩුම තරමින් චිත්‍රපටයක්වත් බලන්න බැහැ.
ඔබ තුළ සිටින නළුවාට මොකද වෙන්නෙ?
මං තුළ ඉන්න නළුවාට කිසිම දෙයක් වෙලා නැහැ. වැඩ කිහිපයකටම කතාකරල තියෙනව. නමුත් කලා ශිල්පියෙක් හැටියට වැඩක් භාරගන්න තැනකදි දේශපාලනික සත්ත්වයෙක් හැටියට රංගනයේ යෙදෙන්න තරම් මානසිකත්වයක් එන්නෙ නැහැ. අපි නළුවෙක් වෙන්න කලින් මිනිහෙක් වෙලා ඉන්න ඕන’ එතකොටයි නළුවෙක් වෙන්න පුළුවන්.
අරගලයේ ඔබේ භූමිකාවට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
සරලවම කිව්වොත් මිනිස්සු මට පට්ට ආදරෙයි. අරගල භූමිය තුළ මම ඒක අත්විඳිනව. එයාල දන්නව මේ වෙලාවෙ සටන් කරන්නෙ කවුරු වෙනුවෙන්ද, මොකක් සඳහාද කියල, එතැන ඉන්න හැම මනුස්සයම පට්ට දුකක් විඳින අය. ඒ හැම මනුස්සයගෙන්ම මට ලොකු ගෞරවයක් තියෙනව.
ඔබ විවිධ ස්වරූපයන්ගෙන් අරගලයට දායක වෙනව, මේ ඔබේම අදහස්ද?
ඔව් මෙහෙම කළොත් හොඳයි කියන අදහස මට මූලිකව එනව. ඉන් පස්සෙ අපි කණ්ඩායමක් හැටියට කතාබහ කරල තමයි ඒ අදහස එළියට ගේන්නෙ. ලෝකයේ අරගල භූමි ගත්තාම ඒවා තුළ තියෙන විවිධ ස්වරූපයන් බොහෝ වෙලාවට වැඩකරල තියෙන්නෙ සංස්කෘතික විදිහට. ඒක වෙනම කාරණාවක්’ එතනදි මිනිස්සුත් එක්ක කොහොමද ගනුදෙනු කරන්නෙ කියන එක ගොඩක් කල්පනා කරල තමයි කරන්නෙ.
කුරුසය කර තබාගෙන පැමිණි ගමනෙදි ඇතිවුණ හැඟීම මොනවගේද?
ඇත්තටම මම ඒ ගමන කොළඹට එන්න හිතාගෙන හිටියෙ දවස් තුනකින්. නමුත් මට ඒ ගමනට දවස් හතරක් ගියා. ඒ ගමන අතරතුර සිංහල, දමිළ මුස්ලිම් ජනතාවගෙන් වගේම හාමුදුරුවරුන්ගෙන්, පියතුමන්ලාගෙන් ලැබුණු සහයෝගය වචන වලින් විස්තර කරන්න බැහැ.
ගෙජ්ජි සමග ඔබේ සම්බන්ධය මොකක්ද?
එතැනදි මම භාවිතා කළ ගෙජ්ජි සංස්කෘතිය ඇතුළෙ නිතරම හොයපු දෙයක් තමයි ශබ්දය කියන එක. ඒ ශබ්දය මම මූලිකවම ඇහුවෙ ගීතදේවගෙන්. නමුත් ඉන් පස්සෙ මට ඒක වෙනස් විදිහකට නිර්මාණය කරන්න ඕනෑ වුණා සහ මේ මජර දේශපාලනය ඇතුළෙ ඉන්න මිනිස්සු ශබ්දයට බයයි. මොකද බොහෝ දේශපාලකයන් පන්සල්” පල්ලි” කෝවිල් එක්ක ගනුදෙනු කරනගමන්නේ මේ විදිහට මිනිස්සුන්ව මහපාරට ඇදල දැම්මෙ’ ඒ නිසා ඇත්තටම කිව්වොත් මේක දේශපාලනික කාරණාවක් ඇතුළෙ හදාගත්ත ශබ්දයක්’ ඒක මගෙ ඇඟටත් දැනෙනවා වගේම මුළු විශ්වයටත් දැනෙනව’ අරගලය පටන්ගත්ත දවසෙ ඉඳන් දිගටම මම ඒ ශබ්දය පවත්වාගෙන ආවා.
ඔබේ බිරිඳ මේ ක්‍රියාකලාපයට කැමති වුණාද?
මුණගැහුන දා ඉඳන්ම ඇය දන්නව මම කවුද කියල. මම මේ මොකටද මහන්සි වෙන්නෙ කියල දන්නව. එතැනදි ඇයගෙන් කිසිම බලපෑමක් මතුවුණේ නැහැ. දරුවො ටිකත් බලාගෙන මට දෙන්න පුළුවන් උපරිම සහයෝගය ඇය ලබා දුන්නා.
අරගලය නිසා ඔබේ වෘත්තියට හානියක් වෙයි කියල හිතුනෙ නැද්ද?
ඇත්තටම මට එහෙම දෙයක් හිතුනෙ නැහැ. මාව කාටහරි ඕන නම් අදාළ කෙනා මට කතාකරනව’ සමහර තැන්වලදි මට කියල තියෙනව අපරාදෙ ජෙහාන්” මේ වැඩකරන්න තියෙන කාලය නේද කියල. නමුත් මේක ඊට වඩා සංකීර්ණ වැඩක්’ බොහොම ටික කාලයයි අපි ජීවත් වෙන්නෙ.
සහෝදර ශිල්පීන්ගේ සහයෝගය?
හැමෝම ගොඩක් වැඩ තියෙන අය. නමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් අදාළ තැන්වලදි පෙනී සිටිනව. ඒ අතර අරගලය සත පහකට ගණන්ගන්නෙ නැති” මායිම් කරන්නෙ නැති” තමන්ගෙ වැඩේ විතරක් කරගන්න බලන අය. සමහර අය ඇවිත් සෙල්ෆියක් ගහල යනව ආයෙ එන්නෙ නැහැ. කොහොම වුණත් කමක් නැහැ. මොන විදිහකින් හරි මේකට දායක වුණ අයගෙ ඔළුවෙ තියෙනව දිනන තුරු මේ අරගලය දිගටම ගෙනියන්න ඕන කියන දේ.
මේ අරගල අතර ඔබ ජීවන අරගලයට මුහුණ දෙන්නෙ කොහොමද?
ඇත්තටම කිව්වොත් අතේ සල්ලි නැහැ. ගෙදර දේවල් ටික මගේ බිරිඳ එයාගෙ පඩියෙන් කළමනාකරණය කරගන්නව. දරුවො තුන්දෙනාවත් බලාගෙන මේ කරන කැපවීම ගැන මම ඇයට ගෞරව කරනව. මගේ ගමන්වලටත් ඇයගෙන් තමයි මුදල් ඉල්ලගන්නෙ. යාළුවොත් පුළුවන් විදිහට උදව් කරනව.
මහේෂ් එදිරිසිංහ
මීවිත

















