BREAKING NEWS
Search

කිලෝ මීටර් 3 තෙල් පෝලිම පැය 3න් ඉවර කරපු නාවලපිටිය ඉන්ධන පිරවුම්හල

225

නාවලපිටිය ගොන්දෙන්නාව ප්‍රදේශයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලේ සේවකයින් පැය තුනක් ඇතුලත කිලෝමීටර් තුනක් දුරට තිබූ වාහන පෝලිමට පෙට්‍රල් ඉන්ධන නිකුත් කිරිමට ඊයේ (28) දින සමත් වී ඇති බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

ඉන්ධන ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පෝලිම්වල රැදි සිටි පාරිභෝගිකයන්ට ඉන්ධන පිරවුම්හලේ කලමණාකාරිත්වය විසින් ටෝකන්පත් ලබා දී එම ටෝකන්පත් වලට සීමාවන්ට යටත්ව ඉන්ධන නිකුත් කර පසුව ටෝකන්පත් නොමැතිව පෝලිම් වල රැදි සිටි සෙසු වාහන හිමියන්ට ඉන්ධන නිකුත් කිරිමට ඉන්ධන පිරවුම්හලේ සේවකයින් පියවර ගෙන තිබුණා.

නාවලපිටිය පොලීසියේ නිලධාරින්ගේ සහයෝගය ඇතිව දිගු වේලාවක් පෝලිම් වල රැදි නොසිට කෙටි කාලයක් තුල එම ඉන්ධන පිරවුම්හලේ කලමණාකරු සහ සේවකයින් පියවර ගැනීම පැසසිය යුතු කරුණක් බවයි ඉන්ධන ලබාගත් පාරිභෝගිකයන් කියා සිටියේ.

Source:Asianmirror




Leave a Reply

Your email address will not be published. Required fields are marked *