BREAKING NEWS
Search

ඒ වෙලාවේ ජැක්සන්ගේ ඇස් දෙකට කඳුළු ආවා මාත් මගේ කඳුළු පාලනය කරගෙන හිටියා-සෝමරත්න දිසානායක සංවේදී වෙයි

197

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

රිය අනතුරකට ලක් වූ ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා මේ වන විට තරමක් යහපත් සෞඛ්‍ය තත්වයකින් පසුවන බව වාර්තා වෙනවා.

ඔහු අනතුරට ලක්වීමත් සමඟ බොහෝ දෙනෙක් නොයෙක් කතා කිව්වා.

ඔහුගේ එකම දියණිය ඉතාමත් පැහැදිලි සටහනක් මුහුණුපොතට එක් කරමින් තත්වය පැහැදිලි කළා.

ඔහු මෙම අනතුරට මුහුණ දෙන්නේ ආචාර්ය සෝමරත්න දිසානායක මහතා අධ්‍යක්ෂණය කරන සිංහබාහු සිනමාපටයෙහි දවසේ රූපගත කිරීම් නිම වී නවාතැන් ගෙන සිටින ඉසව්ව බලා ගමන් කරන අවස්ථාවේදීයි.

ඉතින් ඒ අවස්ථාවේ ඉඳන් අද දක්වාම සෝමරත්න දිසානායක මහත්මයා ඔහුගේ සුවදුක් විමසමින් කරන්න ඕනි හැමදේම  නොපිරිහෙළා ඉටුකරනවා.

ඉතින් යූටියුබ් සාකච්ඡාවකට එකතු වෙමින් සෝමරත්න දිසානායක මහත්මයා ජැක්සන් ඇන්තනි මහත්මයාගේ අලුත්ම තොරතුරු පිළිබඳව අදහස් ඉදිරිපත් කරලා තිබුණා. එතුමා කිව්වෙ කිව්වේ මෙන්න මේ විදිහේ කතාවක්.

“ශල්‍යකර්මයට පස්සේ ජැක්සන්ට සිහිය ආවා.ඔහු මා එක්ක කතා කළා. මගේ චිත්‍රපටිය ගැනත් කතා කරා. එක සම්පූර්ණ කතාවක් නෙමෙයි.ඔහු පුළුවන් විදිහට කතා කළා. එහෙන් මෙහෙන් බට ගහලා නිසා ජැක්සන්ට හරියට කතා කර ගන්න බැරි වුණා. මම ඒ වෙලාවේ කිව්වේ මට ඉන්නේ එක සිංහයයි ඒ සිංහයා නැගිටලා එනකම් මම බලාගෙන ඉන්නවා කියලයි. ඒ වෙලාවේ ජැක්සන්ගේ ඇස් දෙකට කඳුළු ආවා මාත් මගේ කඳුළු පාලනය කරගෙන හිටියා. මට තියෙන ප්‍රශ්නෙ තමයි එච්චර හොඳට සිහිය ආපු ජැක්සන්ට ආයෙ සිහිය නැතුව ගියා.දැනට ජැක්සන් සිහිසුන්ව තමයි ඉන්නේ.දැනට ඔහු හුස්ම ගන්නේ ස්වසන යන්ත්‍ර ආධාරයෙන්.ඒක ඒ තරම් සුව තත්ත්වයක් කියලා අපි හිතන්නේ නැහැ”

Source:Asianmirror




Leave a Reply

Your email address will not be published. Required fields are marked *