රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
ඊයේ (28) පස්වරු 4 වනවිට දිවයින පුරා පිරවුම්හල් 801 ක් කිව්.ආර්. කේත භාවිතයෙන් ඉන්ධන නිකුත් කිරීමේ කටයුතු ක්‍රියාත්මක කර තිබූ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළා.
මිලියන 4.4 ක රථවාහන ප්‍රමාණයක් මේ වනවිට ඒ සඳහා ලියාපදිංචි වී තිබෙන බවයි ඔහු කියා සිටියේ.
සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් 692 සහ අයි.ඕ.සී. පිරවුම්හල් 109 ක මේ වනවිට අදාළ බෙදාහැරීම් ක්‍රියාවලිය ක්‍රියාත්මකයි.
කෙසේ වෙතත්, මේ දක්වා ලියාපදිංචි වාහන මිලියන 4.4 න් 39 ලක්ෂ 45,899 ක්ම පෙට්රල් වාහනයි.
491,756 ක් ඩීසල් වාහන කිව්.ආර්. කේත භාවිතය සඳහා ලියාපදිංචි වී තිබෙනවා.
දැනට ලියාපදිංචි වී ඇති වාහන අතුරෙන් වැඩිම සංඛ්‍යාව යතුරුපැදි වන අතර, එය 2,571,000 ඉක්ම වනවා.
ත්‍රීරෝද රථ 785,360 ක් ලියාපදිංචි වී ඇති අතර, මෝටර් රථ 614,662 ක් කිව්.ආර්. කේත ක්‍රමය සඳහා ලියාපදිංචි වී ඇති බවයි බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.
මේ අතර, ඉන්ධන ලබා ගැනීමට පෝලිම්වල රැඳී සිටියද ඇතැම් ප්‍රදේශවල අයථා ලෙස ඉන්ධන ලබාගැනීම් සිදු කෙරෙන බව වාර්තා වනවා.
Source:Hirunews

















