BREAKING NEWS
Search

රුවන් විජයවර්ධනට ජනාධිපති උපදේශක තනතුරක්

1314

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක තනතුරට පත් කර තිබෙනවා.

2016 වසරේ දී ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාස පිළිබඳව පැරිස් සම්මුතියට අත්සන් තබා ඇති අතර මේ වන විට ලොව පුරා බොහෝ දෙනාගේ අවධානය දේශගුණික විපර්යාස මගින් මිහිතලයට වන හානි වළක්වා ගැනීම වෙනුවෙන් යොමුව තිබෙනවා.

ශ්‍රී ලංකාව ද එම ගෝලීය වගකීම් වෙනුවෙන් කළ යුතු කාර්යයන් රැසක් වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

කාබනික විමෝචනය සහ හරිතාගාර ආවරණය වළක්වා ගැනීම, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම, හරිත ආර්ථිකයක් ගොඩනැගීම වැනි ක්ෂේත්‍ර රැසක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කළ යුතු ව්‍යාපෘති රැසක් වෙනුවෙන් උපදෙස් හා සහයෝගය ලබාගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පත්කිරීම සිදු කර තිබෙනවා.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *