මෙරට නිෂ්පාදිත පළමු පූර්ණ ඉලෙක්ට්‍රික් මෝටර් රථය හඳුන්වා දීම අද සිදුකෙරුණා.
අයිඩියල් මෝටර්ස් විසින් අයිඩියල් මෝක්ෂ නමින් එය වෙළෙඳ පොළට නිකුත් කෙරෙනු ඇති.
වර්තමානයේ පවතින ප්‍රවාහන ගැටලුවට වඩාත් තිරසාර සහ පරිසර හිතකාමී විසඳුමක් ලෙසයි මෙම ඉලෙක්ට්‍රොනික මෝටර් රථය වෙළෙඳ පොළට හදුන්වා දී ඇත්තේ.
ඇම්පියර් 15 ගෘහස්ථ විදුලි පේනුවකට සම්බන්ධ කර පැය කිහිපයකින් ආරෝපණය කළ හැකි මෙම මෝටර් රථයේ එක් ආරෝපණ වාරයකින් කිලෝ මීටර් 200ක දුරක් ගමන් කළ හැකි බව සදහන්.
Source:Hirunews

















