BREAKING NEWS
Search

ගැබිණි හා කිරි දෙන මව්වරුන් සඳහා ත්‍රිපෝෂ බෙදා හැරීම ආරම්භ කරයි

1349

ගැබිණි හා කිරි දෙන මව්වරුන් සඳහා ත්‍රිපෝෂ බෙදා හැරීම ආරම්භ කළ බව ලංකා ත්‍රිපෝෂ සමාගම පවසයි.

එහි සභාපති දීප්ති කුලරත්න මහතා සඳහන් කළේ, ඒ අනුව ත්‍රිපෝෂ පැකට් අට ලක්ෂ පනස් දහසක් බෙදා හැරීම මේ වනවිට ආරම්භ කර ඇති බවයි.

කෙසේ වෙතත් ළමයින් සඳහා ත්‍රිපෝෂ නිකුත් කිරීමට මෙතෙක් හැකියාවක් ලැබී නොමැත.

සභාපතිවරයා ප්‍රකාශ කළේ, බඩ ඉරිඟු හා සෝයා බෝංචි හිඟයෙන් තවදුටරත් ත්‍රිපෝෂ නිෂ්පාදනය විධිමත්ව සිදු කිරීමට බාධා මතුව මතුව ඇති බවයි.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ බඩ ඉරිඟු හා සෝයා බෝංචි ආනයනයට සැපයුම්කරවන් සමග ගිවිසුම් ගතව ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

දීප්ති කුලරත්න මහතා පැවසුවේ, ඒ අනුව ළමයින් සඳහා ද කඩිනමින් ත්‍රිපෝෂ නිෂ්පාදනයට පියවර ගන්නා බවයි.

කෙසේ වෙතත් ඉන්ධන හිඟය හේතුවෙන් ත්‍රිපෝෂ බෙදා හැරීමේ ගැටලු මතුව ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

Source:newsfirst




Leave a Reply

Your email address will not be published. Required fields are marked *