BREAKING NEWS
Search

කොවිඩ් වේගවත් – දරුවන් පරිස්සම් කරගන්න

211

කොරෝනා රෝග ලක්ෂණ ආසාදනය වී ඇති කුඩා දරුවන් පාසල් යැවීමෙන් වළකින ලෙස සෞඛ්‍ය අංශ දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරනවා.

කැස්ස, උණ, හෙම්බිරිස්සාව සහ උඟුරේ වේදනාව පවතී නම් කුඩා දරුවන්ට වෛද්‍ය ප්‍රතිකාර කඩිනමින් ලබා දෙන ලෙසයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ඉල්ලීමක් කළේ.

මේ අතර, ඊයේ ආසාදිතයින් 154 ක් මෙරටින් වාර්තා වුණා.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඊයේ කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකදී එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළේ යළි කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම නිසා ජනතාව ඒ පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බවයි.

එමෙන්ම කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා මුඛ ආවරණ පැළඳීම සහ සෞඛ්‍ය පුරුදු අනුගමනය, යළි සිදු කළ යුතු බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්ද ප්‍රකාශ කළේ.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *