BREAKING NEWS
Search

ගාලු මුවදොර විරෝධතා ස්ථානය විහාර මහා දේවියට ගෙන යන්නැයි පාර්ලිමේන්තුවට යෝජනාවක්

146

කොළඹ ගාලු මුවදොර පිහිටි විරෝධතා ස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමට නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග යෝජනා කරනවා.

අද(27) පාර්ලිමේන්තුව අමතමින් ඔහු කියා සිටියේ විරෝධතා පැවැත්වෙන ස්ථානය විපක්ෂ නායක කාර්යාලය අසල පිහිටි විහාරමහා දේවි උද්‍යානයට ගෙන යා හැකි බවයි.

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඇති උද්ඝෝෂණ ස්ථානය, සුදුසු ස්ථානයක් නො වන බව නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස තමන් විශ්වාස කරන බව ද අමාත්‍යවරයා පැවසුවා.

ගාලුමුවදොර පිටිය විදේශීය සංචාරකයන්ගේ මෙන් ම දේශීය සංචාරකයන්ගේ ද ආකර්ෂණයට ලක්වන ස්ථානයක් බැවින් ගාලුමුවදොර විරෝධතා ස්ථානය වහා ඉවත් කිරීම අත්‍යවශ්‍ය බවයි ඔහු එහි දී වැඩිදුරටත් කියා සිටියේ.

Source :Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *