BREAKING NEWS
Search

තමන්ට දෙයක් වෙද්දි ඒක අමාරුයි කොච්චර අනිත් අයට ඇඩ්වයිස් දුන්නත්-සචිනි දිල්හාරා

320

සචිනි දිල්හාරා කියන්නෙ බොහෝම ටික කාලෙකින් ප්‍රේක්ෂකයින්ගේ හදවත් හොරා ගත්තූ කවුරුත් ආදරේ කරන රංගන ශිල්පිනියක්. හිරු ටීවී ඔස්සේ විකාශය වූ ‘අහස් මාළිඟා’ කියන්නෙ ඇය රංගනයෙන් දායක වූ පළවැනි නිර්මාණය. මේ වෙනකොට රූපවාහිනි වෙළඳ දැන්වීම් තුළිනුත් මුණ ගැහෙන ඇය පසුගිය දවසක යූටියුබ් නාලිකාවක් සමඟ ඇගේ ‘මතක’ මේ විදිහට අවදි කර තිබුණා.

එම සාකච්ඡාවෙන් කොටසක් පහතින්.

ආදර සම්බන්ධතා?

ඉස්කෝලේ කාලේ දෙකයි.. හරියට කරපු එකයි… ඔක්කොම බැලුවොත් තුනක්.

ජීවිතේ ආදරේ නැතිවුණ එක බලපෑවේ..?

මම ගොඩක් වැටුණා.. ගොඩක්… මොකද රිලේශන්ශිප් අතින් ගත්තොත් ඒක තමා ගොඩක්ම වැටුණ තැන. මම ලෙඩ වෙලා හොස්පිට්ල් හිටියා. ඩිප්‍රෙශන් වෙලා හිටියා. තමන්ට දෙයක් වෙද්දි ඒක අමාරුයි කොච්චර අනිත් අයට ඇඩ්වයිස් දුන්නත්. පපුව රිදෙන එක මට දැණුනා. ඒකෙන් පස්සෙ මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ආදරේ කියන්නෙ තමන්ගේ කරගෙන ළඟ තියාගෙන ඉන්න එක නෙවෙයි. ඒ කෙනා ඈත් වුණත් ආදරේ නැතිවෙන් නෑ. ඈතින් ඉඳන් වුණත් එයා හොඳින් ඉන්නවා නම් සතුටු වෙන්න පුළුවන්. හැබැයි එයා වෙන කෙනෙක් එක්ක ඉන්නවා නම් සතුටු වෙන්න බෑ. ඒකත් එක්ක මං ඇග්‍රී වෙන්නෙත් නෑ. තරහකුත් නෑ. දුකක් දැනෙනවා. හැබැයි ඉතින් තරහා හිතේ තියාගෙන ඉන්න බෑ මට. තාම වොරි වෙනවා නම් මම ඒක තමයි ආදරේ… මං දැන් කම්ප්ලිට්ලි කියන් නෑ. ආදරයක් ඕනි කියලා මම දැන් හිතන් නෑ.

සුවිශේෂි මතකය…?

අපේ අම්මා ස්ට්‍රෝන් කෙනෙක්. හැබැයි එයා වැටෙන වෙලාවල් තියෙනවා. එයාට හාර්ට් ඇටෑක් හැදුණා. එයාව වෑන් එකට දාගද්දි මම දැක්කා සාරි එක. අපේ ටීචර්ස්ලා අම්මාගේ ජුවරලිස් මගේ අතට දුන්නා. මම හිතුවේ අම්මා නැතිවෙලා කියලා. මම කෑ ගහලා ඇඬුවා. අඬලා මම කිව්වා මට අම්මාව බලන්න ඕනි කියලා. අම්මාට පැය පහකට පස්සෙ තමා සිහිය ආවේ. අම්මා නැතිවුණා කියලා ෆීලින්ග් එක මට ආවා. ඒක මාර අමාරුයි.

Source:Saaravita




Leave a Reply

Your email address will not be published. Required fields are marked *