BREAKING NEWS
Search

සරා සහ සුදු චූටි එක්ක නාඩගමේ අවසානය අගෝස්තු 02

170

මෑත කාලයේ විකාශය වුණු ටෙලි නාට්‍ය අතරින් ස්වර්ණවාහිනියේ විකාශය වන නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යට විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණු බව නොරහසක්. පවතින ටෙලි නාට්‍ය කතා තේමාවලට වඩා හාත්පසින්ම වෙනස් කතා තේමාවක් රැගත් නාඩගම්කාරයෝ කෙටි කලකින් ට්‍රෙන්ඩින් බවටද පත් වුණා. පසුගිය වසරේ ජනප්‍රියම නළුවා සහ ජනප්‍රියම නිළිය ලෙස සජිත ඇන්තනී සහ සෙනාලි ෆොන්සේකා සම්මාන දිනාගනු ලබන්නේ නාඩගම්කාරයෝ ටෙලි නාට්‍ය හරහායි.

ඊට අමතරව ප්‍රසන්නජිත් අබේසූරිය, සංගීත් ප්‍රභූ, ගිරිරාජ් කෞෂල්‍ය, හෂිනිකා කරල්ලියද්ද, කෝකිල පවන් ජයසූරිය ඇතුළු ප්‍රවීණ සහ ආධුනික රංගන ශිල්පීන් රැසක් නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයෙහි රංගනයෙන් දායක වූවා. එමෙන්ම නාඩගම්කාරයෝ ටෙලි නාට්‍ය හරහා කලා ක්ෂේත්‍රයට පිවිසි නවක රංගන ශිල්පීන් කිහිප දෙනෙකුම මේ වනවිට විශාල ජනප්‍රියත්වයක් සහිතව වෙනත් නිර්මාණවල දක්නට ලැබෙනවා. සද්ධා මංගල සූරියබණ්ඩාර විසින් තිර රචනය කළ, වී. සිවගුරුනාදන් විසින් අධ්‍යක්ෂණය කළ, චාමර සමරවික්‍රම නිෂ්පාදනය කළ නාඩගම්කාරයෝ ටෙලි නාට්‍ය එළඹෙන අගෝස්තු 02දා අවසන් වන බව එහි නිෂ්පාදක කණ්ඩායම පවසා තිබෙනවා. මේ වනවිට නාට්‍යයේ අවසන් කොටසද රූගත කර ඇති බවට අපට දැනගන්නට ලැබුණා. එමෙන්ම අගෝස්තු 03දා සිට ඔවුන්ගේ නවතම නාට්‍ය වන කුට්ටම්කෝලම් නාට්‍ය විකාශය වීම ආරම්භ වන බවද අපට ආරංචි වූවා.

Source:Saaravita




Leave a Reply

Your email address will not be published. Required fields are marked *