BREAKING NEWS
Search

කෑම හදලා කෙල්ලො පිස්සු වට්ටලා බුකිය කළඹපු කඩවසම් චෙෆ් කසාද බැඳලා

307

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

පසුගිය වසරේ සමාජ ජාලාවල තරුණියන් විතරක් නෙමෙයි තරුණයින් අතර පවා කතාබහට ලක්වුණු අපූරු චරිතයක් හිටියා. කෑම බීම, වලං පිඟන් උඩදාලා හදන කඩවසම් චෙෆ්ව ඔබට මතකද?ඔහු නමින් චරිත් එන්. සිල්වා. ෆේස්බුක් සහ ඉන්ස්ටර්ග්‍රෑම්හී ඉතා සුළු කාලයකින් විශාල ප්‍රේක්ෂකාගාරයක් අත්පත් කරගැනීමට තරම් ඔහු දක්ෂ වුණා.

ඔහුගේ ආහාර පිසීමේ කලාව ටිකක් වෙනස්. චරිත් ඉතා සුළු කාල වෙලාවකින් විස්තර කිරීම් කිසිවකින් තොරව ක්‍රියාවෙන් පමණක් කෑම පිළියෙල කරගන්න කියලා දෙනවා. ඔහු එය ඉදිරිපත් කරන ආකාරය ගැන කවුරුත් කතාබහට ලක් වුණා.විශේෂයෙන් තරුණියන් “මේ වගේ උයන්න පුළුවන් කොල්ලෙක් නම් බඳිනවා” වගේ ප්‍රකාශ පවා කළා. ආරංචියෙ හැටියට කඩවසම්‍ නිසා චරිත්ට රංගනයට පවා ආරාධනා එනවාලු.

ඉතින් තරුණියන් කොච්චර බ්ලාගෙන හිටියත් දැන් නම් පළක් නැති හැඩයි. මොකද ඔහුගේ විවාහ මංගල්‍යය පසුගිය ජූලි 25 පැවැත්වෙලා. ඔහු අත ගත් තරුණියගේ නම භාග්‍යා… බම්බලපිටියේ හෝටලයක ඔවුන්ගේ විවාහය පැවැත්වෙලා තියෙන්නේ.

විශේෂත්වය වන්නේ ඔවුන්ගේ විවාහ මංගල්‍යය දවසේ මේ දෙපළව පුදුම කරන්න අපි කවුරුත් දන්න කියන වස්තිලා ඇවිල්ලා හිටියා. වස්තිලා ඔවුන්ගේ ෆේස්බුක් පිටුවේ කඩවසම් කෝකියාගේ විවාහා මංගල්‍යයේ ඡායාරූප පළ කරලා මේ වගේ සටහනක් පළ කරලා තිබුණා.


“Wedding Surprise by Wasthi ..!!!
වෙඩින් කානිවල් කිරීම
රහට කෑම හදන මල්ලිගේ රහට ගත්ත වෙඩිම..!!!Congratulations on your wedding day and best wishes for a happy life together!
සුභ මංගලම් ..!!!”

 

Source:Hirugossip



Leave a Reply

Your email address will not be published. Required fields are marked *