පාකිස්ථානු පළමු ඉනිම සියල්ලන් දැවී ලකුණු 231යි

162

ශ්‍රී ලංකාව හා පාක්ස්ථානය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අද යි (26).

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම, පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 378ක් රැස් කළා.

සිය පළමු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථානු කණ්ඩායමට සියල්ලන් දැවී රැස් කර ගත හැකි වූයේ, ලකුණු 231ක් පමණ යි.

පාකිස්ථානු කණ්ඩායම වෙනුවෙන් වැඩි ම ලකුණු ප්‍රමාණයක් රැස් කළේ, අගා සල්මන්.

ඔහු ලකුණු 62ක් ලබා ගත්තා.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ රමේෂ් මෙන්ඩිස් ලකුණු 47කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුණා.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *