BREAKING NEWS
Search

සමඟියේ සහාය ඩලස්ට

266

සමගි ජන බලවේගය ජනාධිපතිවරණයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමට සහාය දැක්වීමට තීරණය කර තිබෙනවා.

දැනට ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර දීමට නියමිත ව සිටින්නේ, වත්මන් වැඩ බලන ජනපති රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස හා ඩලස් අලහප්පෙරුම යි.

අද (19) ජනාධිපතිවරණයට අදාළ නාම යෝජනා භාර දීමට නියමිත අතර, හෙට දිනයේ එහි ඡන්ද විමසීම පැවැත්වෙනු ඇති.

කෙසේ වෙතත් යම් හෙයකින් සජිත් ප්‍රේමදාස අපේක්ෂකත්වයෙන් ඉවත් වුව හොත් අනුර කුමාර දිසානායක ද අපේක්ෂකත්වයෙන් ඉවත් වන බවට අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *