BREAKING NEWS
Search

පාපැදියටත් ලියාපදිංචි ගාස්තුවක්

333

පාපැදියටත් ලියාපදිංචි ගාස්තුවක් අයකරන අතර එය වැඩි කිරීමේ සූදානම් පවතින බව වාර්තා වනවා.

ඒ අනුව පාපැදියක ලියාපදිංචි ගාස්තු රුපියල් 250ක් දක්වා ඉහල දැමීමට බේරුවල නගර සභා රැස්වීමට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

පාපැදිකරුවන්ට තම පාපැදිය රුපියල් 35ක් ගෙවා ලියාපදිංචි වී තහඩුව ලබා ගැනීමේ අවස්ථාවක් ඇති අතර එවැනි සුළු මුදලකට පවා පාපැදිය ලියාපදිංචි කර තහඩුව ලබා ගැනීමට නොමැති බව නාගරික මන්ත්‍රී සජිත් දේවප්‍රිය මහතා පෙන්වා දී තිබෙනවා.

වෙළෙඳපොලේ පාපැදියක මිල රුපියල් 80,000 දක්වා ඉහල ගොස් ඇති නිසා පාපැදියක් නගර සභාවේ ලියාපදිංචි කර තහඩුව නිකුත් කිරීමට රුපියල් 250ක් දක්වා මිල වැඩි කිරිමට මන්ත්‍රීවරයා යෝජනා කර තිබෙනවා.

එය නගරාධිපතිවරයා පැවසූවේ මන්ත්‍රීවරුන්ගේ ඒකමතික යෝජනවක් සම්මත කර ගෙන එය කළ හැකි බවයි.

Source:Asianmirror




Leave a Reply

Your email address will not be published. Required fields are marked *