හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියමිත කාලයට පෙර ධුරයෙන් ඉල්ලා අස්වුව ද ඔහුට විශ්‍රාම ගිය ජනාධිපතිවරයෙකුට හිමිවන වරප්‍රසාද ලැබෙන බව ජනාධිපති නීතීඥ ආචාර්ය ජයතිස්ස ද කොස්තා පවසනවා.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ 1986 අංක 04 දරණ ජනාධිපතිවරයාගේ හිමිකම් පිළිබඳව පනතේ හිටපු ජනාධිපතිවරුන්ට හිමිවන වරප්‍රසාද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙන්ම ඔහුගෙන් පසු බිරිඳට ද හිමිවන බවයි.
මෙරට විධායක ජනාධිපතිවරුන්ගේ ධුර කාලයන් පිළිබඳ විමසා බැලීමේදී වැඩිම කාලයක් ජනාධිපති ධුරයේ රැඳී සිට ඇත්තේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගයි.
ඇය වසර 11 යි මාස හතක කාලයක් තුළ දෙවරක් ජනාධිපති ධුරය හොබවා තිබෙනවා.
2019 වසරේ නොවැම්බර් මස ජනාධිපති ධුරයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ මෙරට ඉතිහාසයට එක්වන්නේ විධායක ජනාධිපති ධුරයකින් ඉල්ලා අස්වූ ප්‍රථම ජනාධිපතිවරයා ලෙසයි.
ඔහු, අවුරුදු දෙකයි මාස හතයි දින 25 ක කාලයක් එම ධුරයේ රාජකාරි කටයුතු කර තිබෙනවා.
Source:Hirunews



















