පසුගිය ජුලි මස 09 වනදා පැවති අරගලයට එක්වූ කිසිදු පුරවැසියෙකුට එරෙහිව නීත්‍යානුකූල පියවර නොගන්නා ලෙසට අරගලයේ නිරත සිවිල් ක්‍රියාකාරීන් පොලීසියෙන් ඉල්ලීමක් සිදුකරනු ලැබුවා.
පොලීසිය සමඟ අද පැවති විශේෂ සාකච්ඡාවකදී අරගලයේ නිරත සිවිල් ක්‍රියාකාරීන් මේ බව සඳහන් කළා.
එහිදී අරගලයේ නිරත සිවිල් ක්‍රියාකාරීන් විසින් පොලීසියට දැනුම්දෙනු ලැබුවේ අදාළ සිදුවීම ජනතා නගීටීමක් බවත් එයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට කිසිදු බලයක් නොමැති බවයි.
අරගලයේ නිරත ජනතාව වෙනුවෙන් එම අවස්ථාවට එක්වූ නීතීඥයින් පෙන්වාදෙනු ලැබුවේ පසුගිය ජුලි මස 09 වනදා කිසිදු අවශ්‍යතාවයකින් තොරව ජනතා අයිතිවාසිකම් රැසක් උල්ලංඝණය වූ බවයි.
Source:Hirunews


















