BREAKING NEWS
Search

තමාගේ ජය රටට අයිති නොමැති බවට යුපුන් කළ ප්‍රකාශයේ වරදක් නැතැයි ක්‍රීඩා ලේකම් කියයි

322

දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා බවට පත්වීමෙන් පසු මෙරට කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් සිදුකළ ප්‍රකාශයේ වරදක් නොදකින බව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් පවසනවා.

පසුගිය 3 වනදා ස්විට්සර්ලන්තයේ පැවති 42 වන රෙසිස්ප්‍රින්ට් ජාත්‍යන්තර මළල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර 100 ඉසව්ව තත්පර නවයයි දශම නවයයි හයකින් නිම කිරීමෙන් පසුව සමාජ මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් යුපුන් අබේකෝන් කියා සිටියේ තමන් ලැබූ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට අයිති නොමැති බවයි.

කෙසේ වෙතත්, අදාළ ප්‍රකාශය පිළිබඳව තමන් යුපුන් අබේකෝන්ගෙන් කරුණු විමසූ බව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්, අනුරාධ විජේකෝන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.

ක්‍රීඩා අමාත්‍යාංශය ඔහුගේ ක්‍රීඩා දිවිය වෙනුවෙන් උපකාර කර ඇති නමුත් එය ප්‍රමාණවත් දැයි ගැටලු පවතින බවයි ඔහු පෙන්වා දුන්නේ.

කෙසේ වෙතත්, මෙම ජයග්‍රහණයෙන් පසුව ද, යුපුන් අබේකෝන්ට ක්‍රිකට් ආයතනය හරහා මෙන්ම තවත් උපකාර කිරීමට අමාත්‍යාංශය කටයුතු කරන බව ද ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් සඳහන් කළා.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *