BREAKING NEWS
Search

ගර්භණී මවට පිහිට වූ දෙවියන් වැනි පොලිස් නිලධාරීයා

427

ගර්භණී මවක් රත්නපුර රෝහලට රැගෙන යමින් තිබූ ත්‍රීරෝද රථයක් පෙට්‍රල් නොමැතිව මග නතර වී ඇති අයුරු දුටු ඒ අසලින් ගමන් ගත් පොලිස් නිලධාරියකු සිය යතුරුපැදියෙන් ඉන්ධන ලබාදී ගැබිණි මව රෝහලට රැගෙන යෑමට කටයුතු සලසා දීමේ පුවතක් රත්නපුර ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙම සත්ක්‍රියාව සිදුකොට ඇත්තේ කලවාන පොලිසියට අනුයුක්තව සේවය කළ වසන්ත කුමාර නමැති නිලධාරියෙකි.

රට පුරාම ඉන්ධන හිඟයක් පවතින මොහොතක, මෙම පොලිස් නිලධාරියාගේ උපකාරය නොවන්නට, අදාළ කාන්තාවගේ ජීවතය පවා අවදානමකට ලක්වන්නට ඉඩ තිබූ බවයි ප්‍රදේශවාසීන් සඳහන් කළේ.

නිල ඇඳුමට මුවාවී ජනතාව පීඩාවට පත්කරන ආකාරයේ කටයුතු සිදුකරන පොලිස් නිලධාරීන් අතර මෙවැනි ආදර්ශවත් ක්‍රියාවක් සිදුකළ කලවාන පොලිසියේ වසන්ත කුමාර මහතා ඇගයීමට ලක්විය යුතුය.

Source:mawrata




Leave a Reply

Your email address will not be published. Required fields are marked *