BREAKING NEWS
Search

බොක්සින් තරගාවලියේ රන් පදක්කම දිනූ අපේ රටේ දිලක්ෂණී

311

පාකිස්තානයේ පැවති තුන් වැනි ජාත්‍යන්තර ‘සවාටේ’ බොක්සින් තරගාවලියේ දී රන් පදක්ක්මක් දිනා ගන්නට ශ්‍රී ලාංකේය ක්‍රීඩිකාවක් සමත් වී තිබෙනවා.

ඒ වව්නියාවේ පදිංචි දිලක්ෂණී කන්දසාමී ක්‍රීඩිකාව යි.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් 4ක් හා ක්‍රීඩිකාවන් 9 දෙනෙකු සහභාගී වුණා.

ඔවුන් විසින් රන් පදක්කම් 9ක් හා රිදී පදක්කම් 4ක් දිනාගන්නට සමත් වී තිබෙනවා.

තරගාවලිය සඳහා උතුරු පළාත නියෝජනය කරමින් සහභාගි වූ වව්නියාවේ දිලක්ෂණී කන්දසාමී ක්‍රීඩිකාව රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වී ඇති අතර, ඇය මේ වන විට සබරගමු විශ්වවිද්‍යාලයයේ ක්‍රීඩා විද්‍යා හා කළමනාකරණ අධ්‍යයන අංශයේ ශිෂ්‍යාවක් වශයෙන් අධ්‍යාපන කටයුතු හදාරමින් සිටි යි.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *