උසස් පෙළ ප්‍රතිඵල එළැඹෙන අගොස්තු මස 15 නිකුත් කෙරේ

382

අ.පො.ස උසස් පෙළ (2021) විභාගයේ ප්‍රතිඵල එළැඹෙන අගොස්තු මස 15 වන දින නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත ප්‍රකාශ කළා.

ඒ අද (04) පාර්ලිමේන්තුවේ දී.

එසේ ම අමාත්‍යවරයා පවසා සිටියේ, මේ වසරේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය නොවැම්බර් මස පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි.

කෙසේ නමුත් ප්‍රතිඵල නිකුත් වීමට නියමිත මෙවර උසස් පෙළ විභාගය සඳහා සිසුන් 345,242 දෙනෙකු මධ්‍යස්ථාන 2,438ක දී විභාගය සඳහා පෙනී සිටියා.

Source:hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *