BREAKING NEWS
Search

මැටි උඳුන් ඉල්ලුම තවත් ඉහළ යයි – පාපැදි අලුත්වැඩියාකරුවන්ටත් හොඳ කලක්

416

රට තුළ පවතින ගෘහස්ථ ගෑස් හිඟය හමුවේ මැටි ලිප් සඳහා පැවති ඉල්ලු‍ම තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඉතා අඩු මිලකට පැවති සාමාන්‍ය මැටි ළිප් ඉල්ලුම ඉහළ යාමත් සමඟ මේ වනවිට අලෙවි වන්නේ රුපියල් 850ත් 1000ත් අතර මිලකටයි.

එමෙන්ම ළිප් දෙකක් සහිත මැටි උඳුන් රුපියල් 1,500 ඉක්මවූ මිලකට අලෙවි වන බවයි වාර්තාවන්නේ.

එමෙන්ම ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ජනතාව පාපැදිවලින් සිය ගමන් බිමන් යෑමට පෙළඹීමත් සමඟ පාපැදි අලෙවි කරන ස්ථානවල තදබදයක් නිර්මාණය වී තිබෙනවා.

එමෙන්ම පාපැදි අලුත්වැඩියාකරුවන් ද මේ දිනවල කාර්යබහුල වී ඇති බවයි වාර්තාවන්නේ.

පාපැදි අලුත්වැඩියා කරන ස්ථානවල ද පෝලිම් දක්නට ලැබෙනවා.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *