BREAKING NEWS
Search

හෙට සිට සතියක් සියලුම පාසල් වැසේ

2593

රජයේ පාසල් සහ රජයේ අනුමත සියලු පෞද්ගලික පාසල් හෙට (04) සිට මේ මස 8 වනදා දක්වා නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ, අධ්‍යාපන අමාත්‍යාංශයේ බලධාරීන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන් සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සමඟ මාර්ගගත ක්‍රමය ඔස්සේ අද (03) පෙරවරුවේ පැවති සාකච්ඡාවකදියි.

පසුගිය සති දෙක තුළ පාසල්වල විදුහල්පතිවරු, ගුරුවරු සහ සිසුන්ගේ පැමිණීමේ ප්‍රගති සමාලෝචනය කිරීමෙන් පසුව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ඉන්ධන බෙදාහැරීම පිළිබඳ දැනුම්දීමද සැළකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

එම සතිය තුළ දී අහිමිවන පාසල් කාලය ඉදිරි පාසල් නිවාඩු වාරයේ දී ආවරණය කිරීමට කටයුතු කරන ලෙස දැනුම්දී තිබෙනවා.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *