BREAKING NEWS
Search

හෙට සිට පෞද්ගලික බසුත් නවතින ලකුණු

462

හෙට (04) සිට දිවයින පුරා පෞද්ගලික බස් රථ, ධාවනය සම්පූර්ණයෙන්ම නතර වීමේ අවදානමක් පවතින බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ බස් රථ ධාවනය සඳහා ඉන්ධන නොමැති වීම ඊට හේතුව බවයි.

පොදු ප්‍රවාහන සේවා අඛණ්ඩව පවත්වා ගෙන යාමේ අරමුණින් පෞද්ගලික බස් රථ සඳහාද ලංගම ඩිපෝ මගින් ඉන්ධන නිකුත් කරන ලෙස රජය මීට පෙර දැනුම් දී තිබුණා.

ප්‍රාදේශීය ඩිපෝ මගින් පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම සහ සීමා කිරීම සිදු කරන බවයි, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ.

කෙසේ වෙතත් උපරිම ධාරිතාවයෙන් යුතුව ලංගම බස් රථ ධාවනය කිරීමට පියවර ගෙන ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළා.

දුම්රිය දෙපාර්තමේන්තුව ද ප්‍රකාශ කළේ සියලු දුම්රිය ධාවනය ධාවනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවතින බවයි.

කෙසේ වෙතත්, දුම්රිය සේවකයන්ට සිය පෞද්ගලික රථ මගින් රාජකාරී සඳහා වාර්තා කිරීමට ඉන්ධන නොමැති වීම හේතුවෙන් තවදුරටත් දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල විය හැකි බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ලේකම් කසුන් චාමර ප්‍රකාශ කළා.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *