BREAKING NEWS
Search

වී හෝ සහල් සත්ත්ව ආහාර නිෂ්පාදනයට යොදා ගැනීම් තහනම්

477

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

සහල් හෝ වී සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා විකිණීම හෝ භාවිත කිරීම තහනම් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී පනත යටතේ මෙම නියෝගය ඊයේ(24) සිට ක්‍රියාත්මකයි.

ඒ අනුව කිසිදු ආනයනකරුවෙකුට, නිෂ්පාදකයෙකුට, වෙළෙන්දෙකුට හෝ බෙදාහරින්නෙකුට සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා හෝ වෙනත් අමුද්‍රව්‍යයක් ලෙස සෘජුවම සහල් හෝ වී ආනයනය කිරීමට, විකිණීමට හෝ ගබඩා කිරීමට, ප්‍රවාහනය තහනම් වනු ඇති.

මේ අතර උපරිම සිල්ලර මිල ඉක්මවා සහල් අලෙවි කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනි‍මේ වැටලිම් අඛණ්ඩව ක්‍රියාත්මක බව පාරි‍භෝගික කටයුතු අධිකාරිය ප්‍රකාශ කළේය.

Source:https:newsfirst.lk




Leave a Reply

Your email address will not be published. Required fields are marked *