BREAKING NEWS
Search

ලබන සතියේ පාසල් පැවැත්වෙන්නේ මෙහෙමයි

478

එළඹෙන සතිය (ජුනි 27 – ජුලි 1) තුළ පාසල්වල අධ්‍යයන කටයුතු සිදු කෙරෙන ආකාරය පිළිබඳව සඳහන් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කොට තිබෙනවා.

ඒ අනුව පසුගිය ජුනි 20 සිට 24 දක්වා ප්‍රවාහන කටයුතු සඳහා ඉන්ධන අපහසුතා නොපවතින ග්‍රාමීය පාසල්වල අධ්‍යන කටයුතු සිදු කළ ආකාරයට ම එළඹෙන සතිය තුළත් එම පාසල්වල අධ්‍යන කටයුතු කළ යුතු වනවා.

තව ද, එම පාසල්වල සේවය කරන ගුරුවරුන්ට ඉන්ධන අපහසුතා හේතුකොට ගෙන සේවයට වාර්තා කිරීමේ දී සිදුවන අපහසුතාවන් සලකා බලා ඔවුන්ගේ පෞද්ගලික නිවාඩුවලින් නිදහස් වන ලෙස නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට කටයුතු කරන ලෙස විදුහල්පතිවරුන්ට අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී තිබෙනවා.

එසේ ම පසුගිය සතියේ පාසල් නොපැවැත් වූ නාගරික පාසල් අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා යන සතියේ දින තුනෙහි පාසල් පවත්වන ලෙස විදුහල්පතිවරුන්ට නියම කොට තිබෙන අතර ප්‍රාථමික අංශවල අධ්‍යයන කටයුතු සඳහා පාසල් පැවැත් වීමේ දින ගණන තීරණය කිරීමේ බලය එම පාසල්වල විදුහල්පතිවරුන්ට පවරා තිබෙනවා.

තව ද සිසුන් නොපැමිණෙන දිනවල දී මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සහ නිවෙස් පාදක ක්‍රියාකාරකම් ඔස්සේ අදාළ අධ්‍යන කටයුතු සිදු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය උපදෙස් දී තිබෙනවා.

(අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය පහතින්)

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *