රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
ආහාර අර්බුදයක රතු එළි රට හමුවේ දැල්වෙමින් පවතින පසුබිමක ආහාර සුරක්ෂිතතාව මෙන්ම නාස්තිය අවම කිරීමත් වැදගත් සාධකයක්.
වසරක් තුළ අප අපතේ යවන ආහාර ප්‍රමාණය අපට තවත් මාස 6කට සෑහෙන බව ඔබ දන්නවාද?
ආර්ථික හා බලශක්ති අර්බුදය හමුවේ රටට තර්ජනයක් විය හැකි තවත් ගැටලුවක් වන්නේ ආහාර හිඟයයි.
සෑම දිනකම, අප අතින් නාස්ති වන ආහාර ප්‍රමාණය මුළු පරිභෝජනයෙන් තුනෙන් එකක්.
ගතවූ වසරේ දී මෙරට තුළ අපගේ ගිය ආහාර ප්‍රමාණය මිලියන 10ක ජනතාවක් පෝෂණය කිරීමට ප්‍රමාණවත් බව විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.
සාමාන්‍ය වර්ෂයක දී අප රට තුළ විනාශ වන ආහාර ප්‍රමාණය මෙරට සමස්ත ජනගහනය තවත් මාස 6ක් පෝෂණය කිරීමට ප්‍රමාණවත් වීම ආහාර නාස්තියේ බිහිසුණු බව තහවුරු කර දෙන තවත් සාධකයක්.
ආහාර නාස්තිය ලංකාවට පමණක් සීමා වූ දෙයක් නොවන අතර එය ගෝලීය ගැටලුවක්.
ආහාර නාස්තියේ ගෝලීය සාමාන්‍යය 30%ත් 40%ත් පමණ වන අතර ඇතැම් රටවල එය 50% ත් ඉක්මවා යනවා.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ දත්ත වලට අනුව මෙම නාස්තිය නිසා වසරකට එකතුවන ඝණ අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් බිලියන 1.3ක් වන අතර ඉන් වන ආර්ථික පාඩුව ඩොලර් බිලියන 1 ක්.
ගෝලීය පරිමාණයෙන් සෑම වසරකම පලතුරු, එළවළු අස්වැන්නෙන් අඩක් සහ මාළු, මුහුදු ආහාර, ධාන්‍යවලින් තුනෙන් එකක් පමණ අපතේ යන බවත් වාර්තා වනවා.
එමෙන්ම කිරි නිෂ්පාදන, මස් සහ කුකුල් මස්වල නාස්තිය 20%ක් පමණ වනවා.
කෙසේවෙතත්, ආහාර නාස්තියේ අඩුම අගය වාර්තා වන්නේ ශ්‍රී ලංකාව ද ඇතුළත් දකුණු – ගිණිකොණ දිග ආසියා කලාපයෙන්.
නමුත් එය ද වසරකට එක් පුද්ගලයකුට කිලෝග්‍රෑම් 125ක පමණ අගයක්.
මේ අතර අප කළ විමසීමකදී කසල එකතුකරන්නන් කිහිපදෙනකු කියා සිටියේ මේ දිනවල ලැබෙන කසල අතර පවතින ඉඳුල් සහිත කසල ඉතා අඩු මට්ටමක පවතින බවයි.
Source:Hirunews



















