BREAKING NEWS
Search

පළමුවත්, දෙවැනුවත්, තෙවැනුවත් මව්බිමයි – 69ලක්ෂය පාවා දෙන්නේ නෑ – අගමැති කියයි

392

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

තමන් කෙරෙහි විශ්වාසය තබමින් මේ රටේ 69 ලක්ෂයක් ජනතාව ලබාදුන් ජනවරමට පිටුපා යෑමට හෝ එයට පයින් ගැසීමට කිසිදු අරමුණක් තමන් තුළ නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද අරලියගහ මන්දිරයට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අතිවිශාල පාක්ෂිකයින් පිරිසක් ආමන්ත්‍රණය කරමින්.

අද උදෑසන අග්‍රාමාත්‍යවරයාට සහය දැක්වීම සඳහා දිවයිනේ නන් දෙසින් පොදුජන පෙරමුණු පාක්ෂිකයන් රැසක් අරලියගහ මන්දිරයට එක්රොක් වුණා.

ඔවුන් හමුවේ අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ තමන් පළමුවත්, දෙවැනුවත්, තෙවැනුවත් මව්බිම පෙරටු කොට ගෙන සිදුකරගෙන යනු ලබන මෙම දේශපාලන ව්‍යාපාරයෙන් ඉවත් වීමට කිසිදු අදහසක් නොමැති බවයි.

අභියෝග ජයගෙන ජනතා සිතුම් පැතුම් ඉටු කිරීමට සිය උපරිම ශක්තියෙන් ඉදිරියටත් ක්‍රියා කරන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැමිණ සිටි පිරිස් අමතමින් සඳහන් කළා,

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *