රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
ගෘහස්ථ ගෑස් සිලින්ඩර නිකුත් කිරීම සඳහා ප්‍රමාණවත් තරම් ගෑස් තොග තමන් සතුව නොමැති බැවින් අනවශ්‍ය ලෙස පෝලිම්වල රැඳී නොසිටින ලෙස ලිට්රෝ සමාගම ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
එහි සභාපති විජිත හේරත් කියා සිටියේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර නිකුත් කිරීම සඳහා තොග නොමැති අතර අත්‍යාවශ්‍ය සේවා හා කර්මාන්ත සඳහා පමණක් ගෑස් නිකුත් කරන බවයි.
මෙවන් පසුබිමක ඊයේ රාත්‍රියේත් ගෑස් ඉල්ලමින් කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වුණා.
දෙමටගොඩ මං සන්ධියෙන් බේස්ලයින් මාර්ගය අවහිර කරමින් ඊයේ පස්වරුවේ ආරම්භ වූ විරෝධතාව රාත්‍රිය වනතුරු පැවතුණා.
එමෙන්ම, කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පැවති විරෝධතාවද අවසන් වූයේ රාත්‍රියේයි.
මීට අමතරව ගෑස් ලබාදෙන ලෙස ඉල්ලා ඊයේ පැය 9කට ආසන්න කාලයක් හයිලෙවල් මාර්ගය නාවින්න – ප්‍රදේශයෙන් අවහිර කරමින් පිරිසක් විරෝධතාවයේ නිරත වුණා.
එමෙන්ම ගෑස් ප්‍රවාහනය කළ ලොරි රථයකින් සිලින්ඩර බලෙන් ලබාගැනීමේ සිද්ධියක් ආමර් වීථිය ප්‍රදේශයෙන් ඊයේ වාර්තා වුණා.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක ගෑස් ලබාදෙන ලෙස ඉල්ලමින් විරෝධතා පැවැත්වුණා.
කොළඹ, දෙමටගොඩ සහ කොම්පඤ්ඤවීදිය යන ප්‍රදේශවල ගෑස් ඉල්ලා ජනතාව විරෝධතාවයේ නිරත වූයේ මහාමාර්ග ද අවහිර කරමින්.
මේ අතර, ලංකා අයි.ඕ.සී. සමාගම ඊයේ දැනුම් දුන්නේ අද සිට ක්‍රියාත්මක වන පරිදි වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම සීමා කරන බවයි.
ඒ අනුව යතුරුපැදි සඳහා රුපියල් 2000ක ද, ත්‍රිරෝද රථ සදහා රුපියල් 3000ක ද, මෝටර් රථ, වෑන් හා ජීප් රථ සදහා රුපියල් 8000ක් දක්වා ද ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරෙනු ඇති.
කෙසේ වෙතත් මෙම සීමාවන් මගී ප්‍රවාහන බස් රථ, ලොරි හා වාණිජ මෝටර් රථ සදහා අදාළ නොවන බවයි ලංකා අයි.ඕ.සී. සමාගම දැනුම් දුන්නේ.
Source:Hirunews




















