BREAKING NEWS
Search

අගමැති මහින්ද තුනුරුවනේ ආසිරි ලැබුමට අටමස්ථානය වෙතට

217

අගමැති මහින්ද රාජපක්ෂ අද (08) පෙරවරුවේ අනුරාධපුර අටමස්ථාන පුදබිමට ආශිර්වාද ලබා ගැනීම සඳහා ගොස් තිබෙනවා.

එම ගමනේ දී අග්‍රාමාත්‍යවරයා පළමුවෙන් ආශිර්වාදය ලබා ගැනීම සඳහා පැමිණියේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසටයි.

අනතුරුව රුවන්වැලි මහ සෑ රඳුන් ද වැඳ පුදා ගත් අග්‍රාමාත්‍යවරයා, චෛත්‍යාරාමාධිකාරී නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන්වහන්සේ බැහැ දැක ආසිරි ලබාගත්තා.

ඉන්පසුව ආසිරි ලබා ගැනීම සඳහා අග්‍රාමාත්‍යවරයා පැමිණියේ මිරිසවැටිය විහාරස්ථානයටයි.

එහිදී මිරිසවැටිය චෛත්‍යාරාමාධිකාරී ආචාර්ය පූජ්‍ය ඊතලවැටුණවැවේ ඥාණතිලක නායක ස්වාමීන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබාගත් බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය වැඩිදුරටත් නිවේදනය කළේ.

මේ අතර, අග්‍රාමාත්‍යවරයාගේ පැමිණීමට එරෙහිව සහ පාලනයට විරුද්ධව අටමස්ථානය ඉදිරිපිට දී අද ජන විරෝධතාවක් පැවැත්වුණා.

අගමැතිවරයා ගමන් මග දෙපස රැස්ව සිටි ජනතාව සමග සුහද පිළිසඳරක නිරත වන අවස්ථාවේ දී එහි පැමිණ සිටි එක් තරුණයෙකු අගමැතිවරයාගෙන් විමසා සිටියේ හෙට (09) දිනයේ දී සුබ පණිවිඩයක් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවයි.

එමෙන්ම එම තරුණයා තවදුරටත් කියා සිටියේ, අගමැතිවරයා හට ”දැන් ඇති..” යන වගයි.

මේ අතර, අග්‍රාමාත්‍යවරයාගේ නිල රථය අටමස්ථානයෙන් පිටව යද්දී, රැස්ව සිටි විරෝධතාකරුවන් සිය විරෝධය පළ කළේ ”හූ” හඬ පළ කරමින්.

Source:Hirunews 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *