BREAKING NEWS
Search

කිසිදු ණය පහසුකම් යටතේ ඉන්දියාව ජල ප්‍රහාරක රථ සපයා නැහැ- ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය

190

මෙරටට ලබා දී ඇති කිසිදු ණය පහසුකම් යටතේ ඉන්දියාවෙන් ජල ප්‍රහාරක රථ සපයා නොමැති බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

එම කාර්යලය අවධාරණය කළේ, ඒ සම්බන්ධයෙන් පැතිර යන වාර්තා අසත්‍ය බවයි.

දිර්ඝ කරන ලද ණය පහසුකම් යටතේ වුව ද ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ජල ප්‍රහාරක රථ සැපයීමක් කිසිදු ආකාරයකින් සිදුනොවන බව ද මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

ඉන්දියාව විසින් මේ වනවිට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මෙරටට ලබා දී ඇති ණය පහසුකම අමෙරිකානු ඩොලර් බිලියනයකි.

එම පහසුකම යටතේ ආහාර, ඖෂධ සහ මෙරට පවතින වත්මන් තත්ත්වය හමුවේ ඉල්ලා සිටින ඕනෑම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පමණක් ශ්‍රී ලංකාවට ලබාදෙන බව කොළඹ ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් පවසයි.

Source:Newsfirst




Leave a Reply

Your email address will not be published. Required fields are marked *