ලංකාවේ සංගීත ක්‍ෂේත්‍රයේ වෙනස්ම සලකුණක් තැබූ අපූරු ගායිකාවක් තමයි උමාරියා සිංහවංශ කියන්නේ. විවිධ භාෂාවන් රැසකගෙන් ගීත ගැයීමට ඇති හැකියාව නිසාම උමාරියා හැමෝම අතර ගොඩක් ජනප්‍රියයි. උමාරියා ලංකාවේ වඩාත්ම ජනප්‍රිය වුනේ ඇය විසින් ගායනා කල ‘මන්දපමා’ ගීතයෙන්. ඉතින් අද අපි කතාකරන්න සුදානම් වෙන්නේ හැමෝම ගොඩක් ආදරේ කරන උමාරියා සිංහවංශ සමග.
උමාරියා කොහොමද මේ දවස්වල ජීවිතේ ”ඇත්තම කියනවනම් ගොඩක්ම කාර්යබහුල කාලයක් මේක, පහුගිය දවස්වල ප්‍රසංග කිහිපයක්ම තිබ්බා, ඕස්ට්‍රේලියාවේ ගිහින් සති කිහිපයක්ම ඉඳලා තමයි ආවේ. ඒ වගේම මගේ ‘නානේ’ ඇල්බම් එකේ වැඩ ටිකකුත් තියෙනවා. ඒවත් එක්ක ගොඩක්ම කාර්යබහුලයි. වෙන විශේෂ දෙයක් නෑ”
උමාරියා මේ ක්‍ෂේත්‍රයට ඇවිත් කොච්චර කාලයක්ද? මොකද හිතෙන්නේ මෙච්චර කාලයක් ආව මේ ගමන ගැන ” මම මේ ක්‍ෂේත්‍රයට ඇවිලා දැන් අවුරුදු 17කට වඩා වැඩියි. මගේ කළා ජීවිතේ ගැන ආපස්සට හැරිලා බැලුවම ඇත්තටම මට සතුටුවෙන්න පුළුවන් කාරනා ගොඩක් තියෙනවා. ඒ ගැන හිතෙද්දීත් ගොඩක් සතුටුයි. මොකද මම විවිද ගීත ගායනා කරලා තියෙනවා. සුබ අසුබ කාල පහුකරගෙන තමයි මම මේ ගමන ආවේ, අසුන්දර තැන වගේම ගොඩක් සුන්දර තැන් රැසකට මම මගේ ජීවිතේ මුහුණදීලා තියෙනවා ඉතින් ඒ ගැන ගොඩක්ම සතුටුයි”
මේවනවිට ඔබ විවාහ වෙලා ඉන්නේ ප්‍රංශ ජාතිකයෙක් සමග. රටේ තත්වය එක්ක මෙහෙම ගිහින් ඔබ ප්‍රංශයට පදිංචියට යාවිද ? ”අපෝ කීයටවත් නෑ. ලංකාව කියන්නේ මගේ මහගෙදර. මේ සුන්දර රට දාලා යන්න මම හීනෙකින්වත් හිතන්නේ නෑ. මගේ රටේ මිනිස්සුගැන මට තියෙන්නේ හරිම වේදනාවක්. කවුරු ගියත් මම මගේ මවුරට දාලා වෙන රටකට කීයටවත් යන්නේ නෑ. ප්‍රංශ ජාතිකයෙක් උනත් දමිත්‍රි දැන් පදිංචි වෙලා ඉන්නේ ලංකාවේ. සැමියා ඉන්න තැන තමයි මගේ ගෙදර. මට වඩා ලංකාවට ආදරෙයි එයා”
Source:Efaster




















