සියලු දේශපාලනඥයින්ට VIP දොරටුව වැසේ

174

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

හෙට (06) සිට ක්‍රියාත්මක වන පරිදි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයේ සිදු කෙරෙන ප්‍රභූ පර්යන්තයේ සේවා කටයුතු සම්පූර්ණයෙන් ම නවතා දැමීමට තීරණය කර තිබෙනවා.

මෙම තීරණය අද (05) පස්වරුවේ ගෙන ඇත්තේ, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ සංගමය විසින්.

ඒ අනුව රටේ පවතින දේශපාලනික ව්‍යාකූලත්වය සමථයකට පත් කරන තෙක් සිය සේවා කටයුතුවලින් ඉවත් වන බවටයි සංගම් නිලධාරින් නිවේදනය කර ඇත්තේ.

රටේ අර්බුදයන්ට නිසි විසඳුම් සකසන තෙක් (VIP) ආගමන හා විගමන රාජකාරී කටයුතු හා විශේෂ සත්කාර මගීන් සඳහා වන සේද මාවත (CIP) මගී නිෂ්කාශන කටයුතු වෘත්තීය ක්‍රියාමාර්ගයක් ලෙස හෙට දින සිට අත්හිටුවන බවට මෙමගින් නිවේදනය කරනු ලබනවා.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *