හර්තාලයට එක්වන රජයේ සේවකයින්ගේ වැටුප කැපෙයි ද ?

316

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ජනාධිපති මාධ්‍ය අංශයේ ලිපි ශීර්ෂයෙන් මුහුණු පොතේ ප්‍රචාරය වන දැන්වීම සම්පූර්ණ අසත්‍යයක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

හර්තාල් ව්‍යාපාරයට සහභාගි වන රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප කපා හැරෙන බවට 2022-05-03 දිනය හුවා දක්වමින් සහ ජනාධිපති මාධ්‍ය අංශයේ ලිපි ශීර්ෂය යොදා ගනිමින් මුහුණු පොත ඔස්සේ සිදු කෙරෙන ප්‍රචාරය සම්පූර්ණයෙන් අසත්‍යය එකක් බවයි නිවේදනය මගින් දැනුම්දී ඇත්තේ.

ජනාධිපති කාර්යාලය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට හෝ මෙවැනි දැනුම්දීමක් සිදු කර නොමැති අතර මෙම අසත්‍ය ප්‍රචාරය සම්බන්ධයෙන් මේ වනවිටත් අදාළ අංශ පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *