පක්ෂ නායක රැස්වීමක් පෙරවරුවේ – අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

382

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

නියෝජ්‍ය කතානායක ධුරය සම්බන්ධයෙන් සහ කථානායකවරයාට භාර දී ඇති විශ්වාසභංග යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පැවැත්වෙනවා.

ඒ, පෙරවරු 9යි 15ට එම රැස්වීම පැවැත්වෙන්නේ කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන්.

පාර්ලිමේන්තුවේ මේ සතියේ කටයුතු සම්බන්ධයෙන්ද මෙහි දී සාකච්ඡා කරනු ඇති.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂද අද පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව වාර්තාවනවා.

කෙසේ වෙතත් කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවක දී පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර කියා සිටියේ, අලුතින් බිහිවන ජාතික එකඟතා ආණ්ඩුව නව අගමැතිවරයෙකු පත් කරගන්නා බවයි.

අග්‍රාමාත්‍යවරයා එම ධුරයෙන් ඉවත් වන්නේ ද යන්න පිළිබඳ ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා.

මේ අතර, දැනට අර්බුදයට ලක් වී ඇති නියෝජ්‍ය කතානායක ධූරය සඳහා සමගි ජන බලවේගයෙන්ද පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිටියාස් බාකීර් මාකර්ගේ නම යෝජනා කිරීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා ප්‍රකාශ කළා.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *