BREAKING NEWS
Search

අන්තර්කාලීන ආණ්ඩුවකට කැමතියි – ජනපති කියයි

307

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

අන්තර්වාර පාලනයකට ජනාධිපතිවරයා කැමැත්ත පළ කර ඇති බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් ප්‍රකාශ කළා.

පසුගිය දා ත්‍රෛනිකායික මහනාහිමිවරුන් විසින් පවතින ආර්ථික අර්බුදයට කඩිනමින් විසඳුම් ලබාදීම සඳහා මැදිහත්වන ලෙස ඉල්ලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමුකර තිබූ අතර, ඊට පිළිතුරු ලිපියක් ඊයේ ජනාධිපතිවරයා විසින් මහනාහිමිවරුන් වෙත යොමුකර තිබුණා.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් කියා සිටියේ, අන්තර්වාර පාලනයකට ඇති කැමැත්ත පිළිබඳවත් ආර්ථික ප්‍රශ්න කඩිනමින් විසඳීමට උත්සාහ කරන බවත් ජනාධිපතිවරයා පිළිතුරු ලිපියේ දක්වා ඇති බවයි.

පවතින ආර්ථික අර්බුද හමුවේ අන්තර්කාලීන් ආන්ඩුවක් පිහිටුවීම පිළිබඳ සාකච්ඡාව දිගින් දිගට ම ඇති වුණා.

කෙසේවෙතත් විරෝධතාවල නිරත දහස් ගණන් පුරවැසියන්, එකහෙලා ම ප්‍රකාශ කරන්නේ, ජනපති ඇතුළු සියලු නියෝජිතයින්ට ඉවත් වන ලෙස යි.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *