අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සදහා වැලිගම සතොස ආයතනය අසල පෝලිමක රැඳී සිටි ජනතාව දැක සංවේදී වූ ඊශ්‍රායල් ජාතික සංචාරකයකු එම පුද්ගලයින් හට වියළි සළාක ඇතුළත් පාර්සල් නොමිලේ ලබාදීමට පියවර ගත්තා.
සහන මිලට කැකුළු සහල් ලබා ගැනීම සඳහා ජනතාව දිගු පෝලිමක් වැලිගම සතොස ආයතනය අසල රැඳී සිටි අතර
එම ස්ථානයෙන් මෝටර් රථයකින් ගමන් කළ ඊශ්‍රායල් ජාතිකයෙකු මෙම දිගු පෝලිම දැක මෝටර් රථය නවත්වා ජනතාව මෙතරම් දිගු පෝලිමක රැඳී සිටින ආකාරය පිළිබඳව තොරතුරු විපරම් කර ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.
මෙහිදී සහල් ලබා ගැනීම සඳහා පෝලිමේ රැඳී සිටි එකසිය විසිනම දෙනෙකු සඳහා (129) කැකුළු සහල් 5 බැගින් නොමිලේ ලබාදීමට ඊශ්‍රායල් ජාතික සංචාරකයා එකඟ වී තිබෙනවා.
ඒ අනුව ඊට වැයවන සම්පූර්ණ මුදල වු රුපියල් 80,000 කට ආසන්න මුදල සතොස ආයතනය වෙත ගෙවා දැමීමට ඊශ්‍රායල් ජාතික සංචාරකයා පියවර ගත්තා.
මෙම සංචාරකයා ශ්‍රී ලාංකාවට සහ ජනතාවට විශාල ආදරයක් දක්වන අතර මීට අවුරුදු පහළොවක පමණ කාලයක සිට බුදුදහම පිළිබඳව හැදැරීම සදහා ලංකාවට විටින් විට පැමිණ ඇති බව ඔහුගේ ශ්‍රී ලාංකික මිතුරා පවසා තිබෙනවා.
Source:Hirunews

















