කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 5,175ක් දක්වා ඉහළ දමන බව ලිට්රෝ සමාගම ප්‍රකාශ කළත් ලිට්රෝ ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව රජය පැවසුවා.
රජය ප්‍රකාශ කලේ ඒ සඳහා කිසිදු අවසරයක් ලබා දී නොමැති බවයි.
පවතින මූල්‍ය අර්බුදයත් සමග ලිට්රෝ සමාගම ලබන පාඩුව හමුවේ අද මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2500 කින් ඉහළ දැමීමට සිදුවන බවයි ලිට්රෝ සමාගම කියා සිටියේ.
සමාගම සඳහන් කළේ ලෝක වෙළඳපොලේ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් සමාගම එක් ගෑස් සිලින්ඩරයකින් රුපියල් 2500 ක පාඩුවක් ලබන බවයි.
ගෑස් නොමැතිවීම හේතුවෙන් දිවයින පුරා ලිට්රෝ ගෑස් අලෙවි මධ්‍යස්ථාන මේ වන විට වසා දමා ඇති අතර ඇතැම් අලෙවි මධ්‍යස්ථාන ඉදිරිපිට තවදුරටත් දිගු පෝලිම් පවතින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
කෙසේ වෙතත්, කර්මාන්තශාලා, රෝහල් ආදාහනාගාර වැනි අත්‍යාවශ්‍ය සේවා සඳහා ගෑස් නිකුත් කිරීම අඛණ්ඩව සිදු කරන බව ලිට්රෝ සමාගම ප්‍රකාශ කළා.
ගෑස් අර්බුදය සහ ගෑස් මිල සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ද අදහස් පළ වුණා.
මේ අතර, දිවයින පුරා ඉන්ධන බෙදා හැරීමේ කටයුතු මේ වන විට සිදුවන බැවින් ඉදිරි දින 2 තුල පිරවුම් හල් තුල පවතින ඉන්ධන හිඟය පහව යනු ඇති බව ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ පෞද්ගලික ඉන්ධන ටැංකි රථ හිමියන්ගේ සංගමය පැවසුවා.
මේ අතර ලිට්රෝ ගෑස් සමාගම ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදාහැරීමේ කටයුතු එළඹෙන 25 වැනිදා දක්වා අත්හිටුවීමටයි පසුගියදා තීරණය කර තිබුණේ.
එම සමාගමේ ආරංචි මාර්ග සඳහන් කළේ මෙරටට පැමිණ ඇති ගෑස් මෙට්‍රික් ටොන් 1700ක නෞකාවේ ඇති ගෑස් අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් ලබාදෙන බවයි.
මේ අතර ලිට්රෝ සමාගමේ නව සභාපතිවරයා ලෙසට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති විජිත හේරත් ඊයේ පත්කරනු ලැබුවා.
ඒ තෙෂාර ජයසිංහගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ සභාපති ධුරය සඳහායි.
Source:Hirunews


















