BREAKING NEWS
Search

මේ ආණ්ඩුව මහනායක හාමුදුරුවෝ පිළිගන්නෙත් නෑ – අගමැතිතුමනි යන්න වෙලාව හරි

198

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

රට තුළ මතුව ඇති වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මහා සංඝ රත්නය ඇතුළු විවිධ පාර්ශ්ව අදහස් පළ කළා.

සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමියන් මාධ්‍ය හමුවකට එක්වෙමින් කියාසිටියේ අගමැතිවරයාට මෙන්ම අමාත්‍ය මණ්ඩලයට ධුරයෙන් ඉවත්වන ලෙසට මහනායක නාහිමිපාණන් වහන්සේලා ද දන්වා ඇති බවයි.

එබැවින් තවදුරටත් රැඳී නොසිටි අමාත්‍ය මණ්ඩලය ද ඉවත් කර ගනිමින් ඉල්ලා අස්විය යුතු බව උන්වහන්සේ පෙන්වා දෙනවා.

මේ අතර පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ද එහිදී අදහස් පළ කළා.

උන් වහන්සේ පෙන්වා දුන්නේ අගමැතිවරයා ජාතිය ඇමතීම මගින් සිදුකරනු ලබන්නේ තවදුරටත් බලයේ රැඳී සිටීමට ගන්නා අසාර්ථක උත්සාහයක් බවයි.

පවතින අමාත්‍ය මණ්ඩලය සමග යමින් දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීමට නොහැකි බව උත්සවයකට එක්වෙමින් හිටපු අමාත්‍ය විමල් වීරවිංශ ප්‍රකාශ කළා.

Source:Hirunews 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *